Friday, September 9, 2011

බ්ලොග් එකට අවුරුද්දක් නැතිද?? එහෙමනම් මේ ඔබ වෙනුවෙන්මයි - බ්ලොග් තරු කරලියට

බ්ලොග් ලොව දිදුලන ශ්‍රි ලාංකික තරු පටන් ගත්ත ගමන් නැතිව ගියා කියලා ඔයාලට හිතුනනම් ඇත්තටම ඒක ගොඩාක් සාධාරනයි.. මොකද පලවෙනි පොස්ට් එක දාලා දවස් ගානකින් කිසිම අප්ඩේට් එකක් නැනේ.... බ්ලොග් තරු කියන්නේ අන්තර්ජාලයේ බ්ලොග් ලියන අයගේම තවත් එක පුන්චි නවාතැන් පොලක්..

බුවාගේ බ්ලොග් ප්‍රමෝ වැඩේ වගේම දෙයක් කරන්න කාලෙක ඉදන් මටත් උවමනාවක් තිබුනා.. ඒත් මේ ඒකම නම් නෙමේ.. ඇත්තටම දැන් මීට අවුරුද්දකට දෙකකට කලින් බ්ලොග් ලියන පිරිස වගේ 10,15 ගුනයක් අලුත් බ්ලොග් ලියන අය ඉන්නවා..

මුලින්ම අපි එහෙම අලුත් අය වෙනුවෙන් වැඩක් කරන්න හිතුවා... ගොඩාක් තරග තියෙනවා නේ දැන්..

ඒ එකවත් මම දැක්කේ නැ නැගී එන එහෙමත් නැත්නම් නවක අයට මුකුත් සහතිකයක්  අගය කිරිමක්වත් දෙනවා...

ඔන්න ඒකට අවස්ථාව.. බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දක් නැත්නම් ඔන්න ඔයාලට තමයි මේ අවස්තාව..

නවක බ්ලොග් තරු අගය කිරිමේ දිරිමත් කිරිමේ වැඩ සටහනක්

තරග විස්තර.. මොනවද කරන්න ඕනේ (බය වෙන්න එපා කරන්න වෙන්නේ නම් වෙනදා වගේ බ්ලොග් එක ලියන එකම විතරයි) මේ ඔක්කොම නවක අයට..

විස්තර ඔක්කොම ඊලග පොස්ට් එකෙන්

ගොඩාක් ඉක්මනට

ඔයාලගේ මේ ගැන මොනවා හරි අදහස් තියනවා නම් කියලා යන්නකෝ

Friday, August 19, 2011

ආරම්භය පෙර යමක්

ලංකාවේ බ්ලොග් ලියන කියවන ඕන කෙනෙක්ට එකතු වෙන්න පුලුවන් තැනක්..
සිංහල බ්ලොග් ලියන කියවන අයට එකතු වෙලා අදහස් බෙදා ගන්න එකතු වෙලා වැඩ කරන්න පුලුවන් තැනක් විදිහට මේක හදුන්වන්න පුලුවන්

ඔන්න මම මගේ බ්ලොග් එකේ ලියපු පොස්ට් එකම මෙතන දාන්නම්කෝ

අපි වෙමු එක පවුලක් තේමාව කරගෙන මේ විභාග අස්සේ දේවා අතගහපු වැඩේ ගැන පුන්චි දැනුවත් කිරිමක් කරලා මගේ කලින් පොස්ට් එකේ කමෙන්ට් කරපු හෑමෝටම උත්තරත් ස්තුති කිරිමත් මෙතනම කරන්න හිතුවා

අපි වෙමු එක පවුලක්.. ලංකාවේ බ්ලොග් ලියන ඔක්කොම එකතු කරගන්න හිනයක් තිබුනත් ඇත්තටම ප්‍රායෝගිකව ටිකක් ඒක කරන්න අමාරුයි,.එත් අඩුම තරමේ 50 තරම් සමාජික පිරිසක් එකතු කරගෙන මතක හිටින වැඩ ටිකක් කරන්න, බ්ලොග් කලාවේ දියුනුව තව ටිකක් වැඩි කරන්න ගන්න පුන්චි මහන්සියක් විතරයි මේක

කිසිම විදිහකට සිංහල බ්ලොග් සංසදය ට අභියොගයක් වෙන්නවත් ඒකට ඉස්සරහ ඉන්න්වත් හදන වැඩක් නෙමේ මේක (එහෙම කිවේ කලින් පොස්ට් එකේ ඇනෝ කෙනෙක් මට එහෙම බැනලා තිබුන නිසා) මම ගොඩාක් සිංහල බ්ලොග් සංසදයට ගරු කරනවා..

තවත් කමෙන්ට් එකකින් කියලා තිබුනා මගේ බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න හදන වැඩක් කියලා.. ඒත් ඔන්න ඒක හින්දා මම වෙනම බ්ලොග් එකක් පාටන් ගත්තා..

ඔයාලා මෙ අලුත් බ්ලොග් එකේ ෆලෝ කෙනෙක් වෙන්න මොකද මම මෙය් පිලිබද හැම එකක්ම ඊට පස්සේ දාන්නේ ඒ බ්ලොග් එකේ තමයි

මොනවද දැන් මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ..
කලින් පලාතක් ගැන කිවට ගොඩාක් අය කියලා තිබුනනේ පලාතේ නේමේ එක නිසා එක පොඩ්ඩක් වෙනස් කලා සිංහල බ්ලොග් ලියන කියවන ඕන කෙනෙක් එකතු වෙන්න පුලුවන් විදිහට

කරන්න දේවල් වලින් මුලින්ම ශක්තිමත් සම්බන්ද එක බ්ලොග් පවුලක් හාදාගන්න බලාපොරොත්තුව තමා මුලික අරමුන
එක කමෙන්ට් එකක එතනොල් කතාවක් කිවනේ.. ඇත්තටම මම නම් තාම එහෙම ඒවා පාවිච්චි කරලා නැති නිසා එහෙම දෙයක් වෙන්න ඉඩ ගොඩාක් අඩුයි
වැඩකට නැති වැඩක් කරන්න එකතු වෙන්න නෙමේ

කරන්න හිතාන ඉන්න වැඩ සාමාජිකයෝ ටික එකතු වුනහම කියන්න්ම්කෝ
මොකද මම විතරද දන්නේ නැනේ මේකට කැමති

ඔන්න එහෙම උනොත් සමාවෙන්න ඔයාලගේ වටිනා කාලය මේ වගේ පොස්ට් එකක් වෙනුවෙන් කැප කරන්න උනාට

තව දෙයක් මේ දේවල් එක්ක එකතු වෙන්න කැමත්තක් නැත්නම් මොනවද වෙන්නේ කියලා දැන ගන්න ඕනේ නම් විතරක් උනත් මේකේ ෆලෝ කෙනෙක් වෙන්න
ලියාපංදිචි වෙන ඔයාලත් එහෙම කරන්න