Friday, August 19, 2011

ආරම්භය පෙර යමක්

ලංකාවේ බ්ලොග් ලියන කියවන ඕන කෙනෙක්ට එකතු වෙන්න පුලුවන් තැනක්..
සිංහල බ්ලොග් ලියන කියවන අයට එකතු වෙලා අදහස් බෙදා ගන්න එකතු වෙලා වැඩ කරන්න පුලුවන් තැනක් විදිහට මේක හදුන්වන්න පුලුවන්

ඔන්න මම මගේ බ්ලොග් එකේ ලියපු පොස්ට් එකම මෙතන දාන්නම්කෝ

අපි වෙමු එක පවුලක් තේමාව කරගෙන මේ විභාග අස්සේ දේවා අතගහපු වැඩේ ගැන පුන්චි දැනුවත් කිරිමක් කරලා මගේ කලින් පොස්ට් එකේ කමෙන්ට් කරපු හෑමෝටම උත්තරත් ස්තුති කිරිමත් මෙතනම කරන්න හිතුවා

අපි වෙමු එක පවුලක්.. ලංකාවේ බ්ලොග් ලියන ඔක්කොම එකතු කරගන්න හිනයක් තිබුනත් ඇත්තටම ප්‍රායෝගිකව ටිකක් ඒක කරන්න අමාරුයි,.එත් අඩුම තරමේ 50 තරම් සමාජික පිරිසක් එකතු කරගෙන මතක හිටින වැඩ ටිකක් කරන්න, බ්ලොග් කලාවේ දියුනුව තව ටිකක් වැඩි කරන්න ගන්න පුන්චි මහන්සියක් විතරයි මේක

කිසිම විදිහකට සිංහල බ්ලොග් සංසදය ට අභියොගයක් වෙන්නවත් ඒකට ඉස්සරහ ඉන්න්වත් හදන වැඩක් නෙමේ මේක (එහෙම කිවේ කලින් පොස්ට් එකේ ඇනෝ කෙනෙක් මට එහෙම බැනලා තිබුන නිසා) මම ගොඩාක් සිංහල බ්ලොග් සංසදයට ගරු කරනවා..

තවත් කමෙන්ට් එකකින් කියලා තිබුනා මගේ බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න හදන වැඩක් කියලා.. ඒත් ඔන්න ඒක හින්දා මම වෙනම බ්ලොග් එකක් පාටන් ගත්තා..

ඔයාලා මෙ අලුත් බ්ලොග් එකේ ෆලෝ කෙනෙක් වෙන්න මොකද මම මෙය් පිලිබද හැම එකක්ම ඊට පස්සේ දාන්නේ ඒ බ්ලොග් එකේ තමයි

මොනවද දැන් මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ..
කලින් පලාතක් ගැන කිවට ගොඩාක් අය කියලා තිබුනනේ පලාතේ නේමේ එක නිසා එක පොඩ්ඩක් වෙනස් කලා සිංහල බ්ලොග් ලියන කියවන ඕන කෙනෙක් එකතු වෙන්න පුලුවන් විදිහට

කරන්න දේවල් වලින් මුලින්ම ශක්තිමත් සම්බන්ද එක බ්ලොග් පවුලක් හාදාගන්න බලාපොරොත්තුව තමා මුලික අරමුන
එක කමෙන්ට් එකක එතනොල් කතාවක් කිවනේ.. ඇත්තටම මම නම් තාම එහෙම ඒවා පාවිච්චි කරලා නැති නිසා එහෙම දෙයක් වෙන්න ඉඩ ගොඩාක් අඩුයි
වැඩකට නැති වැඩක් කරන්න එකතු වෙන්න නෙමේ

කරන්න හිතාන ඉන්න වැඩ සාමාජිකයෝ ටික එකතු වුනහම කියන්න්ම්කෝ
මොකද මම විතරද දන්නේ නැනේ මේකට කැමති

ඔන්න එහෙම උනොත් සමාවෙන්න ඔයාලගේ වටිනා කාලය මේ වගේ පොස්ට් එකක් වෙනුවෙන් කැප කරන්න උනාට

තව දෙයක් මේ දේවල් එක්ක එකතු වෙන්න කැමත්තක් නැත්නම් මොනවද වෙන්නේ කියලා දැන ගන්න ඕනේ නම් විතරක් උනත් මේකේ ෆලෝ කෙනෙක් වෙන්න
ලියාපංදිචි වෙන ඔයාලත් එහෙම කරන්න
 

8 comments:

  1. ඕං මම ෆලෝ කරා (මමද කොහේද මුලින්ම ෆලෝ කලේ ) , ඉල්ලලා තියන සමහර දත්ත ඉදිරිපත් කරන්න කැමති නැති නිසා එකතු වෙන්න බැරි උනත් , වෙන්නේ මොකක්ද කියල බලාඉන්න කැමති නිසයි ෆලෝ කලේ

    ReplyDelete
  2. බුවා, පලවෙනි ෆලෝ වගේම පලවෙනි කමෙන්ට් එකත් ඔයාගෙන්,
    ගොඩාක් ස්තුතියි යාලුවා,

    ඒ වගේම මෙතන අනිවාර්යෙනම කියන්න දේවල් පුදගලික දෙවල් නෙමේ නිසා පුලුවන්නම් රෙජිස්ටෙර් වෙන්න

    ඔයාලට එකතු වෙමු කියන පි‍ටුවට ගිහින් එකතු වෙන්න ෆොම් පුරවන සෙන්ඩ් බට්න් එකක් පෙන්නේ නැතුව ඇති,ටැබ් කි එකෙන් අනිත් එව්ට යන්නකෝ...
    එහකොට පහල එවට යන්න සෙන්ඩ් කරන්න පුලුවන්

    ReplyDelete
  3. දේවා , මල්ලී ඔබ හොඳ හිතින් කරන සුන්දර උත්සාහයට දිරි පතමි ..

    ReplyDelete
  4. හොද හිතින් කරන මේ වැඩේට මම එක හිතින්ම සුබ පතනවා !!!!!
    ජය වේවා !!!!

    ReplyDelete
  5. ඔන්න මගෙනුත් සුභ පැතුම් සහෝ..

    ReplyDelete
  6. පුන්චි දෙයක් ගැන මම සමාව ඉල්ලන්න ඕනා.. මට මේක ඩිප්ස් කියලා දුන්න නිසා ආයේ හැමෝටම මේල් එකක් දාලා කරදරයක් වෙන්න හොද නැ කියලා හිතුනා... යතුර බ්ලොග් එකෙන් ආව මේල් එකකට මම ආපහු හැමෝටම රිප්ල්යි කලා... ඇත්තටම මම දන්නේ නැ ඒක සින්ඩියක කන්ටැක්ට් ලිස්ට් එකක් කියලා ඒක නිසා ඒ මේලය ඔයාලට කරදරයක් උනා නම් මට සමාවෙන්න... ආයෙමත් මේල් එකකින් කරදර නොකරේ ඒක නොගැලපෙනවා කියලා මට තේරුන නිසා

    තැන්ක්ස් ඩිප්ස්

    ReplyDelete
  7. දේවා,
    අදහසත් හොඳයි. වැඩෙත් හොඳයි. වැඩේට සුභ පතනවා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ඔය බ්ලොග් ලියන අපි ඔක්කොම ඉන්නෙ ලංකාවෙ නොවෙන එක. අනික එක තැනකට එකතු වෙන්න තියෙන අමාරුව තමයි ලංකාවට ආවත් එක කාලයෙ නොවීම. ඒ එනකොටත් එන්නෙ කඩදාසිය ලිපේ දාලා වගෙ. සීමිත වෙලාවකින් අසීමිත වැඩ කොටසක් කරන්න බලාගෙන. හොඳයි අපි බලමු මොකද වෙන්නෙ කියලා.
    මම බ්ලොග් දෙකක් කරනවා. ලොග් වුනේ මගෙ එක බ්ලොග් නමකින්. අනික වර්ඩ්ප්‍රෙස් එකක්. ඔන්න මම යටින් දෙකම ලිව්වා.

    ReplyDelete
  8. බලමු අනේ මන්දා මාත් ඔන්න ඕහේ එකතු වුනා

    ReplyDelete

මේ අපේම තැනක් අපිට පුලුවන් ඕන දෙයක් කියන්න